සංගමයේ නව නිල ලාංඡනය මෙලෙස අභිමානයෙන් හඳුන්වාදෙන වගයි. සංගමයේ කෙටි නාමය දැක්වෙන ඉංග්රීසි අකුරු තුනට ඉහළින් ඇති උපාධි හිස් පළඳනාවෙන් අධ්යාපනිකව උසස් බවත් අධ්යාපනය ඉහළින්ම සලකන බවත් පෙන්නුම් කරයි. එහි රක්ත වර්ණ කොටසින් විප්ලවීය ගතියද , නිර්භීත බවද පෙන්වයි. ඉංග්රීසි p අකුරේ සිරස් පැන්සලෙන් ඍජු ක්රියාමාර්ගයන්ද, වක්ර පැන්සලෙන් නම්යශීලීබවද පෙන්වයි. ඍජු පැන්සලේ තියුණු තුඩ තීක්ෂණ බව පෙන්නුම් කරයි. තරු තුන මගින් විදුහල්පති ශ්රේණි තුන නිරූපනය කරන අතර එය ප්රමාණ තුනකින් දක්වා ඇත්තේ විදුහල්පති සේවාවට බලපාන ගැටලු විසඳා ගැනීම සඳහා අප සැලසුම්කර ඇති කෙටි කාලීන, මධ්යකාලීන හා දිගුකාලීන ක්රියා මාර්ගයන් හා අරමුණු පෙන්නුමි කිරීමටයි.රන්වන් පැහැයෙන් වර්ණ ගන්වා ඇත්තේ සමාජ ආකල්පයන්ට අනුව විදුහල්පතිවරුන් ස්වර්ණමය සේවාවක් කරන බවත් කිසිදු දේශපාලන පක්ෂයකට අප සංගමය ගැති නොවන බව පෙන්වීමටත්ය. ඉහළ මධ්යයේ ඇති දෑත් ඉහළට ඔසවා ගැනීමෙන් නිරූපනය වන්නේ සාමූහික ක්රියාමාර්ග තුළින් උතුමි ජයග්රහණයන් ලබා ගන්නා බවයි